Gossips

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් යළි ඇවිලේ

ඊශ්‍රායල කමාන්ඩෝ බලඇණියක් ගාසා තීරය තුළට පිවිසි සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඊශ්‍රායල හමුදා සහ පලස්තීන සටන්කාමීන් අතර ගැටුම් යළි ඇවිලී තිබෙනවා.
රහසිගතව සිදුකළ ඊශ්‍රායල මෙහෙයුමේදී පලස්තීන හමාස් සන්නද්ධ නායකයෙකු ඇතුළු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඊශ්‍රායල සෙබලෙකු ද මෙහෙයුමෙන් මිය ගියා.
ඉන් අනතුරුව ගාසා තීරයේ සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලය වෙත රොකට් සහ මෝටාර් වෙඩි එල්ල කර ඇති අතර, ඊශ්‍රායල හමුදා ඊට ප්‍රතිචාර දැක්වූයේ හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් බලකොටු වෙත ප්‍රහාර 70කට වැඩි සංඛ්‍යාවක් එල්ල කරමින්.
එම ප්‍රහාරවලින් ද පලස්තීනුවන් 3 දෙනෙකු මිය ගොස් ඇති අතර, රොකට් ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා.