Gossips

ජනපති, මහවැලි අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ මහවැලි අධිකාරියේ සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
පෙරවරුවේ මහවැලි අධිකාරියට පැමිණි ජනාධිපතිවරයා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ හමුවකට එක්වූ අතර, එහිදී ඔවුන් පෙන්වා දුන්නේ පසුගිය ජුලි මාසයේ ජල පිරවුම් කටයුතු ආරම්භ වූ මොරගහකන්ද, කළුගඟ වාරි ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ ජල පිරවුම් කටයුතු මේ වන විට ප්‍රශස්ථ මට්ටමක පවතින බවයි.
වැසි තත්ත්වයත් සමඟ එළඹෙන ජනවාරි මාසය වන විට ජලාශය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී යනු ඇති බව ද නිලධාරීන් සඳහන් කළා.