Gossips

ජය පෙනි පෙනී ඇදවැටුණු සුරූපී ක්‍රීඩිකාව දණ ගා ගොස් ලොවටම කියාදුන් පාඩම

කාන්තා සහය දිවීමේ තරඟයකදී එයට සහභාගීවූ ක්‍රීඩිකාවක් කළ අමුතුම දෙයක් ගැන මේ වෙනකොට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
තරඟය පැවැත්වුනේ ජපානයේ Fukoka හිදීයි.
එහිදී සිදුවන්නේ තම මීළඟ ක්‍රීඩකයාට යෂ්ටිය භාරදීමට ආසන්නයෙදී ඇය බිම ඇදවැටෙනවා.
නොසිතූ ලෙස සිදුවූ අනතුරෙන් පසුව ඇයට නැවත නැගී සිටින්නට නොහැකිවනවා.
කෙසේ වෙතත් සහය දිවීමේ තරඟයෙන් ඉවත් නොවී සිටීමට නම් නියමිත සීමාව තුළදී යෂ්ටි හුවමාරුව සිදුවිය යුතුබැවින් ඇය සිදුකරන්නේ කිසිවෙකු නොසිතූ අමුතුම වැඩක්.
නැගී සිටීමට නොහැකි වූ ඇය බිම දණගා ගොස් තම කණ්ඩායමේ මීළඟ ක්‍රීඩිකාවට යෂ්ටිය භාර කිරීමට තීරණය කරනු ලබනවා.
එහිදී යාර 200ක් පමණ දුර ඇය බිම දණගා ගොස් මීළඟ ක්‍රීඩිකාවට යෂ්ටිය භාර කිරීම විශේෂත්වයක්.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.
rnrnrnrn
rnrnrnrnrnrn