Gossips

අම්බලන්තොට පුහුල්යාය මාර්ගයේ ගිලා බැසීමක්

අම්බලන්තොට – පුහුල්යාය මාර්ගයේ ස්ථානයක හදිසි ගිලා බැසීමක් ඇතිව තිබෙනවා.
එම මාර්ගය හරහා ඉදිකර ඇති බෝක්කුවක් කැඩීයාම හේතුවෙන් අද පෙරවරුවේ මෙලෙස මාර්ගය ගිලාබැසීමට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ හේතුවෙන් මාමඩල – වලේවත්ත සිට පුහුල්යාය හරහා මාර්ගය භාවිත කරන්නන්ට විකල්ප මාර්ග යොදා ගන්නා ලෙස අම්බලන්තොට ප්‍රාදේශීය සභාව ඉල්ලීමක් කළා.
ගිලාබැසීමට ලක්වූ ස්ථානය අලුත්වැඩියා කිරීම කඩිනමින් සිදුකරන බවද එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.