Gossips

හික්කඩුවේ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

කොළඹ – මාතර ප්‍රධාන මාර්ගයේ හික්කඩුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළඹ සිට මාතර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකින් බැසීමට උත්සාහ කිරීමේදී මෙම සැරයන්වරයා එම රථයටම යටවීමෙන් මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ සිදු වූ අනතුරින් මියගොස් ඇත්තේ 56 හැවිරිදි හික්කඩුව – තොරණගල වත්ත ප්‍රදේශයේ පදිංචි කුරුඳුගහහැතැප්ම අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙක්.