Gossips

ප්‍රපාතයක පාමුල නැවතුණු අධික වේගය

තලවකැලේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
නාවලපිටිය – තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය ග්‍රින්හුඩ් ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇති අතර අද (12) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූවන් නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ත්‍රිරෝද රථය වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.