Gossips

මත්පැන් ප්‍රවාහනය කළ කාන්තාවක් ඇතුළු තුන්දෙනෙකු අල්ලයි

පෑලියගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මොවුන් නීතිවිරෝධී මත්පැන් බෝතල් 50 ක් පමණ මෙලෙස ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් අවුරුදු 20 සහ 30 යන වයස්වල පසුවන මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මේ අතර සපුගස්කන්ද ප්‍රදේශයේදීද නීතිවිරෝධී මත්පැන් බෝතල් 35 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකාරිය 35 හැවිරිදි වියේ පසුවන හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.