Gossips

කැබිනට් සංශෝධනය කල් යයි

අමාත්‍ය මණ්ඩල සංශෝධනය තවත් කල් යනු ඇති බව වාර්තා වනවා.
අද (21) දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවනු ඇති බවට වාර්තා පළ වුවද එය අද සිදුනොවන බවයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සඳහන් කළේ.
කැබිනට් සංශෝධනයට අදාළ ලිපි ලේඛන සකස් කිරීම මේ වන තුරුත් සිදුව නොමැති බව ඔහු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියා.
මේ අතර, කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා කිහිපයක් ඊයේ දිනයේදී ද පැවති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.