Gossips

කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගින්න තවදුරටත්

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැනට පැතිරෙන මහා ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහල ගොස් තිබෙනවා.
තවත් 29 දෙනෙකු අතුරුදන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. උතුරුදිග පිහිටි පැරඩයිස් නගරයේ සහ මලිබු ප්‍රදේශයේ සීග්‍ර ලෙස මේවනවිට ලැව් ගිනි පැතිර යනවා. මෙම ප්‍රදේශයේ පැයට කිලෝමීටර 110 ක වේගයෙන් හමන සුළඟ ගින්න වැඩිවීමට හේතුවී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය සිකුරාදා සිට හටගත් මෙම ගින්න කැලිෆෝනියා ඉතිහාසයේ සිදුවු විශාලතම ලැව්ගින්න වන බව සඳහන්. මේ වන විට ලැව් ගින්නෙන් විනාශ වූ වන ප්‍රදේශය අක්කර එක්ලක්ෂ 70,000 කට අධිකයි.
නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ ගොඩනැගිලි 7000කට ආසන්න ප්‍රමාණයක්ද ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.