Gossips

අනතුරක් පසු වැලිපැන්නේදී වෑන් රථයකට ප්‍රදේශවාසීන් ගිනි තබයි

වැලිපැන්න – අවිත්තාව පාර – ඉත්තෑපාන මංසන්ධිය අසළදී සිදු වූ රිය අනතුරකින් පසුව ප්‍රකෝප වූ පිරිස් වෑන් රථයට ගිනි තබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගින්නෙන් එම වෑන් රථය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.
වෑන් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටී මෙම අනතුර සිදුවූයේ ඊයේ රාත්‍රි 7යි 30ට පමණයි.
සිද්ධියෙන් යතුරුපැදියේ ගමන් ගත් 22 හැවිරිදි තරුණයා මියගිය අතර වෑන් රථයේ රියදුරාද තුවාල ලබා මේ වනවිට නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මියගිය තරුණයා ඉත්තෑපාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.