Gossips

පුළුල් පෙරමුණකින් මැතිවරණයට එන බවට ඇමති එස්.බී.ගෙන් ප්‍රකාශයක්

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා නොගන්නා බවත්, ඉදිරි මහමැතිවරණයේදී පුළුල් පෙරමුණක් ලෙස තරඟ කරන බවත් අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. 16යේ කණ්ඩායමේ නියෝජිතයින් පිරිසක් පොදුජන පෙරමුණේ අද සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදීයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද පස්වරුවේ සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ විජේරාමේ පිහිටි නිළ නිවස වෙත මේ වන විට පැමිණ තිබෙනවා.