Gossips

හිරුට 20යි, තෑගි විස්සයි දෙවන අදියර හෙට සිට

හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියර යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයින්ට යතුරුපැදි ලබාදීමේ වැඩසටහන හෙට ආරම්භ වනවා.
එය නම් කර ඇත්තේ හිරුට විස්සයි, සති විස්සෙන් බයික් 20යි ලෙසයි.
හිරු අසන්නන් අතුරින් ඊට අදාළ ජයග්‍රාහකයා උදෑසන 7ත් පස්වරු 6ත් අතර විකාශය කෙරෙන ගුවන් විදුලි වැඩසටහන් අතරතුර තෝරා ගැනීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම්.
රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුක්ත නවීන මාදිලියේ මහේන්ද්‍රා රොක් ස්ටාර් නැමැති යතුරුපැදි සතිපතා මෙම දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනක් යටතේ හිරු ශ්‍රාවකයන්ට තිළිණ කෙරෙනවා.
හිරුට විස්සයි, තෑගි වැස්සයි පළමු අදියර යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයන් හට මෝටර් රථ සහ ට්‍රක් රථ ප්‍රදානය කිරීම සිදුකෙරුණා.