Gossips

සෙල්ෆි ගැනීමට ගොස් ලෝකාන්තයෙන් වැටුණු ජර්මන් කත සොයා මෙහෙයුම්

හෝටන්තැන්න – ලෝකාන්තයෙන් පහළට ඇද වැටුණු ජර්මන් කාන්තාවක් සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
අද උදෑසන 7.50 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මේ වනවිට යුද, ගුවන් හමුදා භට පිරිස් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද මෙම සෝදිසි මෙහෙයුමට එක්ව සිටින බව සඳහන්.
මෙලෙස ලෝකාන්තයෙන් පහළට ඇදවැටී ඇත්තේ 35 හැවිරිදි ජූලියා එල්ගා නැමති ජර්මන් කාන්තාවක්.
ඇය සිය යෙහෙළියක සමඟ එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී ඡායාරූපයක් ගැනීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.