Gossips

අගමැති මහින්ද පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා මෙලෙස පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තවත් හිටපු මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙහිදී පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව සඳහන්.