පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ ඉදිරි වසර සඳහා රජයේ වියදම් පියවා ගැනීම සම්බන්ධයෙන් අප මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළා.
ආණ්ඩුව විසුරුවා හැරීම හේතුවෙන් මෙවර අයවැයක් ඉදිරිපත් නොකෙරෙන අතර, අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීමක්ද සිදුවී නැහැ.
එහෙත් රජයේ වියදම් සඳහා මුදල් වෙන් කිරීමට ජනාධිපතිවරයාට ප්‍රතිපාදන සැළසෙන බව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල කියා සිටියා.