Gossips

දියතලාවේදී බස් රථයක් තුළ සිදුවූ පිපිරීමෙන් 16කට තුවාල

දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ අද උදෑසන ඇතිවූ ගින්නට හේතුව කිසියම් පිපිරීමක් බවට තොරතුරු වාර්තා වනවා.
ඉන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ යාපනයේ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ බස් රථයක් තුළ අද අළුයම මෙම පිපිරීම සිදුව ඇති බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූවන් අතර කාන්තාවක් ද වනවා.
මෙම පිපිරීම කුමක් ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.