Gossips

කෂෝගිගේ සිරුර ඇසිඩ්වල දියකළ බව හෙළිවේ

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර ප්‍රබල අම්ලයක දියකොට අපවහන මාර්ගයෙන් ඉවතට ගලා යෑමට සලස්වා ඇති බව හෙළි වී තිබෙනවා.
තුර්කි පුවත්පතක් වාර්තා කළ පරිදි ඉස්ථාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ කාණු පද්ධතියේ එහි සලකුණු හමු වී ඇති බව සඳහන්.
සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කරමින් ඇමරිකාවේ වාසය කළ ජමාල් කෂෝගි පසුගිය ඔක්තෝම්බර් 02 වැනිදා තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය වෙත පැමිණියේ සිය සෞදි බිරිඳගෙන් වෙන්වීමේ ලියකියවිලි ලබා ගැනීමටයි.
එහිදී ඔහු ඝාතනයට ලක් වූ බව සෞදි අරාබියද පසුව පිළිගත්තා.