Gossips

හෙරොයින් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු වැල්ලම්පිටිය, වත්තල සහ පානදුර උතුර ප්‍රදේශවලදී පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලම්පිටිය – විවේකාරාම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 234 ක් සමඟ 47 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 4 ක් සමඟ වත්තල – ඕලියමුල්ල ප්‍රදේශයේදී 35 හැවිරිදි පුද්ගලයෙකුද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර – උතුර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන් ගත් පුද්ගලයෙකු සතුව තිබියදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 100 ක්ද ඊයේ පොලිසිය සොයාගනු ලැබුවා.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි පානදුර – අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.