Gossips

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවූ තරගයට වර්ෂාවෙන් බාධා

බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හි පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු තරගය ඊයේ වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවුණා.
සාන්ත ලූසියාහි, ඩැරන් සැමී ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී එම තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් පිල අතරයි.
තරගය අතහැර දැමීම නිසා කණ්ඩායම් දෙකටම එක් ලකුණ බැගින් හිමිවනවා.
ශ්‍රී ලංකා පිල අද දකුණු අප්‍රිකානු කාන්තා පිල සමඟ තරග වදින අතර, එංගලන්තයේ මීළඟ තරගය බංග්ලාදේශ කාන්තා පිල සමඟ හෙට පැවැත්වෙනු ඇති.
මෙවර ප්‍රථම වරට පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ඇතුළත් වන්නේ එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය ඇතුළත් ඒ කාණ්ඩයටයි.
ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්ථානය යන රටවල කාන්තා ක්‍රිකට් කණ්ඩායම් බී කාණ්ඩයෙන් තරග වදිනවා.