Gossips

මැතිවරණ කොමිසම ඡන්දයට සූදානම්

අවශ්‍ය ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. රාජගිරියේ පිිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
ප්‍රශ්නය – දැන් කියනවා නම් මේක නීති විරෝධීයිල ව්‍යවස්ථා විරෝධීයි කියලා කියනවා නම් ඔබතුමාට මැතිවරණය පවත්වනවා හැර වෙන විකල්පයක් තියෙනවාද?
පිළිතුර – නෝ කමෙන්ට්ස්
ප්‍රශ්නය – ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියාග දැන් දිනේකුත් තීරණය කරලා තියෙනවා මැතිවරණය සම්බන්ධයෙන්ග එතකොට මැතිවරණයකට සූදානම්ද?
පිළිතුර – අපි ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් නිසා ඒ ප්‍රශ්නය පැන නගින්නේ නැහැ.
ප්‍රශ්නය – පහුගිය කාලයේ මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් කතා කළාග මේ මැතිවරණයක් ඇවිල්ලා තියෙන්නේ.
පිළිතුර – මැතිවරණ කොමිෂන් සභාව කොයි වෙලාවකවත් මැතිවරණ කල් දාලා නැහැනේග මැතිවරණයක් තියන්න එපා කියලත් නැහැ.
ප්‍රශ්නය – ලංකාවේ මහ මැතිවරණය සඳහා කොපමණ මුදලක් වැයවෙයිද?
– කෝටි හාර පන්සීයයක් යයිග ඒක එච්චර මුදලක් නෙවෙයිනේ අද බැලුවාම.
ප්‍රශ්නය – ජනවාරි 5 ඡන්දයට ගැසට් එක නිකුත් කරන්න කලින් ජනාධිපතිතුමා හෝ කවුරුන් හරි ඔබගෙන් උපදෙස් ලබාගත්තාද ඒ පිළිබඳවග
පිළිතුර – ඊයේ සවස මට දුරකථන පණිවිඩයක් ලැබුණා එතුමා හම්බවෙන්න කියලාග හමුවුණාග එතකොට එතුමා මේ ගැසට් නිවේදනය සකස් කරලා තියෙනවාග විසුරුවලා තියෙන බව මම ඒක දැනගත්තාග නැතුව කොමිෂන් එකෙන් උපදෙස් ගන්න ඕනෑ නැහැ විසුරුවන්නග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ සුදුසු වාතාවරණයක් ඡන්ද විමසීමට ඇති කරලා දෙන්න කියලා.
ප්‍රශ්නය – දැන් ඒ වාතාවරණය තියෙනවාද?
පිළිතුර – රටේ එහෙම කලබලයක් නැහැනේ ඡන්දයක් තියන්නග නමුත් වැහි පිරිත අහන්න යනවා නම් කුඩයක් අරන් යන්න ඕනේග මම විශ්වාසය උඩල හෘද සාක්ෂිය උඩ ජීවත් වෙන මිනිහෙක්.
ප්‍රශ්නය – සර්ල ඒ කියන්නේ නියම දිනයට ?
පිළිතුර – වැහි පිරිත කියනකොට කුඩේ ඉහළන් යන්න ඕනෑග මොකද දන්නවාද කිසිම දෙයක් ස්ථිර නැති ලෝකෙ කිසිම දෙයක් ස්ථිරයි කියන්න බැහැ’’