Gossips

ජා-ඇල අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට

ජා-ඇල – මිනුවන්ගොඩ මාර්ගයේ ඒකල – සී.ටී.බී මංසන්ධියේදී අද අලූයම සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය මධ්‍යයේ තිබූ කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ 33 හැවිරිදි යතුරුපැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.