Gossips

මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වෙයි (ඡායාරූප)

කින්නියා පාලම අසල මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.
අද පස්වරු 3.30 ට පමණ තරුණයන් 5 දෙනෙකු කින්නියා පාලම යට මසුන් අල්ලමින් සිට ඇති අතර පය ලිස්සා ඇද වැටීමෙන් එක් තරුණයෙකු අතුරුදන්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ කින්නියා ප්‍රදේශයේ පාසලක උසස් පෙළ අධ්‍යාපනය ලබන 17 හැවිරිදි තරුණයෙක්.
ඔහු තවත් 5 දෙනෙකු සමග මසුන් ඇල්ලීමට ගොස් තිබු බව සඳහන්.
අතුරුදන් වු තරුණයා සොයා ප්‍රදේශවාසීන් සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඡායාරූප – ත්‍රිකුණාමලය, අබ්දුල් සලාම් යාසීම්