Gossips

රුපියල තවත් බාල්දු වේ- ඩොලරය රුපියල් 157 ඉක්මවයි

පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහබැංකුව ඊයේ (20) නිවේදනය කළ විනිමය අනුපාතයට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 157.14ක් වූ අතර, ගැනුම් මිලේ අගය රුපියල් 153.36ක් ලෙස වාර්තා වුණා.
මහබැංකුව පෙරේදා නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය සටහන් වූයේ රුපියල් 156.87ක් ලෙසයි.