Gossips

අත්හිට වූ ජල සැපයුම පස්වරුවේ යථා තත්ත්වයට

කොළඹ ප්‍රදේශ කිහිපයකට අත්හිටවූ ජල සැපයුම පස්වරු 4 වන විට යථා තත්ත්වයට පත් කළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
දෙහිවල – ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශය, රත්මලාන, සොයිසාපුර, කොළඹ 6, මුල්ලේරියාව සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක වූයේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.
එමෙන්ම ජල සැපයුම යථා තත්ත්වයට පත් වන තුරු කොළඹ 4 සහ 5 යන ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළා.