Gossips

විදේශ දුම්වැටි තොගයක් සමඟ 3 දෙනෙකු අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් 3 දෙනෙකු අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නත්තල් උත්සවය ඉලක්ක කරගෙන ඩුබායි සිට ගෙන එන ලද මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් විසි අට ලක්ෂ 95,000ක් බව සඳහන්.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 30ත්, 40ත් අතර කොළඹ – ග්‍රෑන්ඩ්පාස්, හලාවත – මාරවිල සහ කුරුණෑගල – යන්තම්පලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි ගුවන් තොටුපළ රේගුව ප්‍රකාශ කළේ.
ගමන් මළු කිහිපයක සඟවා මෙම දුම්වැටි තොගය රැගෙන විත් ඇති අතර, එම ගමන් මළු තුළ දුම්වැටි හැර වෙන කිසිවක් නොතිබුණු බව ද රේගුව සඳහන් කළා.