Gossips

තවත් අමාත්‍යවරුන් පිරිසක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් අද (09) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, වෙළෙද, පාරිභෝගික, සමූපකාර හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යවරයා ලෙසත් සී.බී. රත්නායක, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්, උදය ගම්මන්පිල , බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා.
එස්.එම්. චන්ද්‍රසේන, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසට, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
මේ අතර ගාමිණි ලොකුගේ කම්කරු විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසට, සහ මහින්ද යාපා අබේවර්ධන කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යවරයා ලෙසත් අද (09) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.