Gossips

ජනපති ඉදිරියේ ඇමති විමල් නව අමාත්‍යධුරයේ දිවුරුම් දෙයි (ඡායාරූප)

අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුව මේවන විට නව රජයේ කැබිනට් අමාත්‍යවරු 22 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 15 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 8දෙනෙක් දිවුරුම් දී ඇති අතර සමස්ත අමාත්‍ය මණ්ඩලය 45ක්.
19 වන සංශෝධනයට අනුව නව රජයට තවත් කැබිනට් අමාත්‍යවරුන් 08 දෙනෙකු පත්කිරීමේ හැකියාව පවතින අතර රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 17 දෙනෙකු පත්කළ හැකියි.