Gossips

අමාත්‍යාංශ 21ක විෂයන් ගැසට් කෙරේ

අමාත්‍යාංශ 21කට අදාළ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා.
මෙතෙක් නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ඇති අතර, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති සියළුම රාජ්‍ය බැංකු හා ඒවායේ පාලිත සමාගම් මෙන්ම ඒ ආශ්‍රිත ආයතන ගැසට් නිවේදනය මගින් පවරා ඇත්තේ මුදල් අමාත්‍යාංශයටයි.
එසේම පසුගිය රජයේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාශය යටතේ පැවති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නව ගැසට් නිවේදනය මගින් මුදල් අමාත්‍යාංශයට පවරා තිබෙනවා.
මේ අතර, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සමාගම් ප්‍රවාහන අමාත්‍යාංශය යටතට පත් කිරීම විශේෂත්වයක්.