Gossips

Update : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදෙස්ගතවීමට අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදේශගතවීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබාදුන්නා.
ඒ, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීමේ නඩුවට අදාළව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඔහු අද පෙනී සිටීමෙන් අනතුරුවයි.
හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නීතිඥ රොමේෂ් ද සිල්වා, අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව දෙසැම්බර් මස 14 වන දා සිට ජනවාරි 14 වන දා දක්වා මෙලෙස විදේශගතවීමටයි ඔහුට මෙම අවසරය හිමි වුණේ.
මෙම නඩුව කැදවනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.
එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙස ද නියෝග කෙරුණා.
Update : Friday, November 9, 2018 10.54Am
—————————————————
මැදමුලන ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීමේ නඩුවට අදාළව පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අද පෙරවරුවේ පැමිණියා.
නීතිපතිවරයා පැවරූ මෙම නඩුවට හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම නඩුව ලබන දෙසැම්බර් 4 වනදා සිට අඛන්ඩව විභාගයට ගැනීමට නියමිතයි.