Gossips

තෙඹුවන සැරයන් මානව හිමිකම් කොමිසමට

ගිනි අවියක් අතට ගෙන තෙඹුවන රත් කළ සැරයන් දැන් කරන්න යන දේ
තම මානව හිමිකම් කඩ වූ බව පවසමින් උසස් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ආන්දෝලනයට තුඩුදුන් තෙඹුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් වැලි ලොරියක් තෙඹුවන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරි බව පවසමින් මෙම පොලිස් සැරයන්වරයා පසුගිය මස 3 වනදා සිය ගිනි අවිය රැගෙන තෙඹුවන නගරයේදී නොසන්සුන්කාරි ලෙස හැසිරුණා.
පසුව ඔහු පාලනය කරගත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින්. එහිදී අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා පසුව ඇප මත මුදාහැරුණු අතර, පොලිස් විශේෂ විමර්ශන ඒකකය ඔහුගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගත්තා.
පසුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත වැඩතහනමට ලක්වූ තෙඹුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවන ලැබුවා.
කෙසේ වෙතත්, එම සිද්ධියේදී තමන් මානසික පීඩාවට පත්වන අයුරින් සැලකීම පිළිබඳවයි ඊයේ දිනයේදී මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ.