Gossips

උතුරු කොරියාව, ඇමරිකාව සමඟ සාකච්ඡා කල් දමයි

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමඟ මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා උතුරු කොරියාව විසින් කල් දමා ඇති බව වාර්තා වනවා.
ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය වන නිකී හේලි කියා සිටියේ තමන් ඒ සඳහා තවමත් සූදානම් නොමැති බැවින් සාකච්ඡා කල් දැමීමට සිදුවන බව උතුරු කොරියාව දැනුම් දුන් බවයි.
උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන කිම් යොං චොල් සමඟ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා නිව්යෝක් හිදී සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේදියි.
කෙසේ නමුත්, එම කල් දැමීමට ප්‍රධාන බාධකයක් නොපවතින බව තමන්ට විශ්වාස යැයි ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිනිය කියා සිටියා.
කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මෙම සමුළුවේදී ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර දෙවන හමුව පිළිබදව ද සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බව සඳහන්.