Gossips

ශ්‍රී ලංකාව 447ක් පිටුපසින්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ 4වන දිනය අදයි.
ඊයේ තුන් වන දිනයේ තරඟය නතර කරන විට ලකුණු 462 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 15 ක් ලබා සිටියා.
මෙම තරගයෙන් පසු ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා රංගන හේරත් ඉනිම දෙකෙහි දී කඩුලූ 3 ක් බිද හෙලූ අතර ඒ අනුව ඔහු ටෙස්ට් දිවිය අවසන් කරන්නේ ටෙස්ට් කඩුලූ 433 ක් ලබා ගනිමින්.
ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමේ කඩුලූ 10ම අතැතිව තවමත් සිටින්නේ එංගලන්තයට වඩා ලකුණු 446ක් පිටුපසින්.