Gossips

මුලතිව් හි වැව් බැම්මක් කැඩී යාමෙන් 6 දෙනෙකු සිරවේ

මුලතිව් – නිත්‍යකේක්කුලම් වැව් බැම්ම කැඞී යාමෙන් පහළ ප්‍රදේශය යට වීම නිසා එකම පවුලේ පුද්ගලයන් 6 දෙනෙකු කොටු වී ඇති බව වාර්තා වනවා.
දිස්ත්‍රික් ලේකම් රූපවතී කේතීෂ්වරන් කියා සිටියේ ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇති බවයි. එම මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ සහය ලබා ගැනීමට ද නියමිත බවයි පොලීසිය පවසන්නේ.
වැවට පහළ ප්‍රදේශයේ ගොවිතැන් කරමින් සිටි පිරිසක් මෙලෙස ආපදාවට ලක්ව ඇති බව සඳහන්.