Gossips

අඩු කළ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

2% ක බස් ගාස්තු අඩු කිරීම අද සිට ක්‍රියාත්මකයි. ඞීසල් ලීටරයක මිල රුපියල් 7 කින් පහත හෙලීමත් සමඟ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව එලෙස අඩු කිරීමට සියළුම බස් සංගම් එකඟතාවකට පැමිණියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදීයි.
එහෙත්, සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තුවේ වෙනසක් සිදු නොවන අතර, අධිවේගී මාර්ගවල බස් රථ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.පී.හේමචන්ද්‍ර කියා සිටියේ.
එමෙන්ම නව බස් ගාස්තු මේ වනවිට ජාතික ගමනාගමන කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව රුපියල් දොළහේ අවම ගාස්තුව, රුපියල් 15,20 සහ 34 යන ගාස්තු අවස්ථා වෙනස් වන්නේ නැහැ. රුපියල් 25 හේ සිට අනෙකුත් ගාස්තු අවස්ථා රුපියලේ සිට වෙනස් වනු ඇති.
මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේද බස් ගාස්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 2% කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.