Gossips

නීති විරෝධීව ගෙන ආ මල්පැල තොගයක් කටුනායකදී අත්අඩංගුවට

තායිලන්තයේ සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ ඇන්තූරියම් පැල තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව ප්‍රදේශයේ පදිංචි මල් පැල අලෙවි ව්‍යාපාරිකයෙකු බැංකොක් නුවර සිට පැමිණි යානයකින් කටුනායකට ළගාවී ඇති බව සඳහන්.
ඔහු අදාළ ඇන්තූරියම් පැල මෙරටට ගෙන්වීම සඳහා රජයෙන් ලබා ගත යුතු බලපත්‍රය මෙන්ම ඒවා අපනයනය කිරීමේ දී තායිලන්තයෙන් නිකුත් කළ යුතු ශාඛ නිරෝධායන සහතිකය ද ලබාගෙන නොමැති බවයි හෙළිවී ඇත්තේ.
සිය ගමන් මලුවල සගවා මෙම පුද්ගලයා රැගෙන ආ මල්පැලවල වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් පමණ වන බව සඳහන්.
ඇන්තූරියම් මල් පැල තොගය රාජසන්තක කර රුපියල් පන්දහසක දඩ මුදලක් ද ගෙවන ලෙසට සැකකරුට නියෝග කර තිබෙනවා.