Gossips

කලා වැවේ වාන් දොරටු අඩි 6 ක් දක්වා විවෘත වෙයි

පවතින දැඩි වර්ෂාපතනයත් සමග කලා වැවේ වාන් දොරටු අඩි 6 ක් දක්වා විවෘත කර තිබෙනවා.
එමගින් කලා ඔයට මුදා හැරෙන ජල ධාරිතාව තත්පරයට ඝන අඩි 5671 ක් පමණ වන බව සඳහන්.
ඊයේ සවස වන විට අක්කර අඩි 99652 ක්ව පැවති කලා වැවේ ජල මට්ටම මේ වන විට අක්කර අඩි 99095 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
කලා වැවේ උපරිම ජල ධාරිතාව අක්කර අඩි ලක්ෂයක් බව කලාවැව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශකර තිබෙනවා.
කලා වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාවැව – අවුකන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ද සම්පුර්ණයෙන් ඇනහිට තිබෙනවා.