Gossips

ගෑස් මිල වැඩි කිරීමට ඉල්ලීම් ලැබී ඇති බව විෂයභාර ඇමති කියයි

කැබිනට් අනුමැතිය හිමිවුවහොත් ගෑස් මිල වැඩි කිරීමට අවසර ලබාදෙන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ගෑස් සමාගම් මිල වැඩිකිරීම සඳහා කළ ඉල්ලීම තමන් වෙත ලැබී ඇති බවයි.
කෙසේ වෙතත් මෙතෙක් ගෑස් මිල ඉහළ දැමීමට තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.