Gossips

කන්ටේනරයක සැගවී බ්‍රිතාන්‍යට පැමිණි සරණාගතයින් ගැන පරීක්ෂණ

අධිශීතකරණ සහිත කන්ටේනරයක සැඟවී බ්‍රිතාන්‍ය වෙත ඇතුලූවූ සරණාගතයින් 21 දෙනෙකු සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.
ඔවුන් බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයට මෙලෙස ඇතුලූවීමට උත්සාහ කිරීමේදියි දේශසීමා ආරක්ෂකයින් විසින් සිය භාරයට ගෙන ඇත්තේ.
වියට්නාම ජාතිකයන් වන මොවුන් අතර දරුවන් 11 දෙනෙකු ද සිටිනවා.
රුමේනියානු ජාතිකයෙකු වන එම කන්ටේරනයේ රියදුරා නීතිවිරෝධී ලෙස බ්‍රිතාන්‍යයට ඇතුලූවීමේ චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.