Gossips

Updet : කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙකු අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන දිවුරුම් දුන්නේ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසයි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක දිවුරුම් දුන් අතර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත්‍රීවරයා දිවුරුම් දුන්නේ ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
එමෙන්ම අමාත්‍යාංශ තුනක් සඳහා පත්කළ නව ලේකම්වරු ද අද (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයා ඉදිරියේ සිය පත්වීම් ලිපි ලබා ගත්තා.
01. ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශය
02. එස්.පී. කොඩිකාර මහතා – ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය
03. ආර්.ඩබ්. ආර්. පේමසිරි මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය