Gossips

නිල්වලා, කැළණි සහ යාන් ඔයේ ජල මට්ටම් ඉහළට

දැදුරුඔය, තබ්බෝව, රාජාංගණය, පරාක්‍රම සමුද්‍රය ඇතුලු ප්‍රධාන ජලාශ 10 ක වාන් දොරටු තවමත් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
එමෙන්ම නිල්වලා, කැළණි සහ යාන් ඔයේද ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
නිල්වලා ගඟ පිටබැද්දර, පානදුගම, ඌරව ප්‍රදේශවලින් ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කැළණි ගඟ, හොලම්බුව ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
මීට අමතරව යාන් ඔය, හොරොව්පතාන ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නාච්චාදූව සහ නුවරවැවේ හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමඟ වාන් ජලය මල්වතු ඔයට එක්වී ඔය පිටාර ගැලීමට පටන්ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ මල්වතු ඔය දෙපස පහත් බිම් බොහොමයක් මේ වනවිට ජලයෙන් යටව පවතින බවයි වාර්තාවන්නේ.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (08) දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ උතුර, නැගෙනහිර, උතුරුමැද සහ වයඹ පළාත්වලට අද දිනයේත් වැසි ඇතිවිය හැකි බවයි.