Gossips

ලක්ෂ 60 ක හෙරොයින් සමඟ තරුණයෙකු ඛෙත්තාරාමේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 60 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 500 ක් සමඟ පුද්ගලයෙකු කොළඹ – ඛෙත්තාරාම ප්‍රදේශයේදී මාළිගාවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී 36 හැවිරිදි මෙම සැකකරු ඊයේ අත්අඩංගුවට ගත් බවයි.
මේ අතර රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 75 යි මිලිග්‍රෑම් 130 ක් සමඟ 32 හැවිරිදි පුද්ගලයෙකු පානදුර – වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් මොරටුව – අඟුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිනේෂ් පෙරේරා හෙවත් සනා ලෙස හදුන්වන පුද්ගලයෙකු වන අතර, ඔහු සතුව තිබූ සුඛෝපභෝගී මෝටර් රථ 4 ක්ද පොලිස් භාරයට ගෙන තිබුණා.