Gossips

වැසි තත්ත්වය තවදුරටත්

දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයින සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේතුව වැඩිදුරටත් පවසන්නේ.
දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (08) උදෑසන 05.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර අනෙකුත් ප්‍රදේශවලට මිලිමීටර් 100 පමණ තද වැසි ඇති විය හැකි බව එහි සඳහන්.
ගිඟුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවේ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මහ ජනතාවට දැනුම් දෙනවා.