Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අසත්‍ය ප්‍රචාරයක් – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සුදානමක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ සම්බන්ධයෙන් ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් අසත්‍ය ප්‍රචාර පතුරුවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙ‍සේ නමුත් එම ප්‍රචාරය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එම නිවේදනය මගින් අවධාරණය කර සිටිනවා.