Gossips

කලාවැවේ වාන් දොරටු විවෘතයි

පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ කලාවැවේ වාන් දොරටු දෙක අඩි 5 ක් දක්වා විවෘත කර තිබෙනවා.
අද දහවල් වනවිට වැවේ ජල මට්ටම අක්කර අඩි 99,652 ක් ලෙස සටහන් වූ බවයි කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ.
එසේම රාජාංගණය ජලාශයේ වාන් දොරටු 8 ක් ද මේ වනවිට විවෘත කර තිබෙනවා.
ඉන් තත්පරයට ජලය ඝන අඩි 8,000 ක් කලා ඔයට මුදාහැරෙන බව සඳහන්.
මෙම තත්වය හේතුවෙන් කලා ඔයේ ජල මට්ටමද ඉහළ යමින් පවතින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.