Gossips

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගෙන් ගිලිහෙන ලකුණු

ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව වසර 08කට පසුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ගිලිහෙනු ඇති බවට වාර්තා පළ වනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ සෙනට් සභාවේ බලය ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයටත්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂයටත් හිමිවනු ඇති බවටයි.
මෙම මැතිවරණයේදී ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණඩලයේ ආසන 435ක්, සෙනට් සභාවේ ආසන 35ක් සහ ආණ්ඩුකාර තනතුරු 39ක් සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට නියමිතයි.
විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ දැනට නිකුත්ව ඇති ප්‍රතිඵල වලට අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වූ වැඩි පිරිසක් කාන්තාවන් බවයි.
මෙලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමි වීම තුලින් ට්‍රම්ප්ට දේශපාලන තීරණ ගැනීමේදී දැඩි බලපෑමක් එල්ල වනු ඇති.
මැතිවරණ නිරීක්ෂකයන් සඳහන් කළේ මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව අතර දැඩි උනන්දුවක් පැවති බවයි.