Gossips

නව හෝටල් කාමර 878ක්

වසරේ මුල් මාස 8 තුළ දී අලුතින් හෝටල් 29ක් ආරම්භ කිරීම සඳහා මූල්‍ය ආයෝජනයක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කළා.
ඉන් හෝටල් 24කම ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, මේ හරහා අලුතින් හෝටල් කාමර 878ක් ස්ථාපිත වනු ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.
එමෙන්ම, ශ්‍රී ලංකා සංවාරක සංවර්ධන අධිකාරිය වෙත ද නව හෝටල් 100ක් ආරම්භ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී ඇති අතර, ඒ සඳහා ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති මුදල රුපියල් මිලියන 830ක්.