Gossips

සම්බන්ධන්, දිගම්බරම්, මනෝ ජනපති හමුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ජනාධිපති නිළ නිවසේදි මේ වන විට පැවැත්වෙනවා.
මෙහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි සාකච්ඡාවට එක්වීමට පෙර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
පාර්ලිමේන්තුව යළි කැදවීම සම්බන්ධයෙන් ද මෙම හමුවේදී අවදානය යොමු කිරීමට නියමිතයි.
එමෙන්ම, හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් නායකත්වය දරණ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ද අද පෙරවරුවේ ජනාධිපතිවරයා මුණ ගැසුණා.
මෙම හමුවට එම සන්ධානය නියෝජනය කරන හිටපු අමාත්‍ය පලනි දිගම්බරන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාම එක්වුණා.
මේ අතර, කථානායක කරු ජයසූරිය විසින් අද (07)පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක හමුවක් කැදවා තිබෙනවා.
එහිදී පාර්ලිමේන්තුව යළි ආරම්භ වන දිනයේ න්‍යාය පත්‍රය සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.