Gossips

මීගමුවේදී කෝටි දෙකකට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 60ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (06) පස්වරුවේ සිදුකළ වැටලීමකදී මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා නවතා පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගයේ තිබී මෙම හෙරෝයින් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ.
සැකකරු 51 වන වියේ පසුවනවා.