Gossips

ප්‍රංශයේ කඩා වැටුණු ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොර බවට හෙළිවේ

ප්‍රංශයේ මාසෙයි නගරයේ පසුගිය සඳුදා කඩා වැටුණු ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොර බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඊයේ දිනයේ පමණක් සුන්බුන් අතර සිටි පුද්ගලයින් 4 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.