Gossips

බලංගොඩ ලඳු කැළෑවකින් මිනිස් හිස් කබලක් හමුවේ

බලංගොඩ – පින්නවල – අමුපිටිය ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී මියගිය පුද්ගලයෙකුගේ හිස් කබලක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම හිස් කබල සොයා ගත් ස්ථානයේ තිබී වස බෝතල් 3ක්, මත්පැන් බෝතලයක් සහ විවිධ ආහාර වර්ග කිහිපයක්ද සොයාගත් බවයි.
මියගිය පුද්ගලයාගේ සිරුරේ ඇතැම් කොටස් හඳුනාගත නොහැකි ආකාරයට විනාශ වී ඇති බවද පොලීසිය සඳහන් කළා.
අවුරුදු 60 ක් පමණ වයසැති මෙම පුද්ගලයා වස පානය කර සියදිවි හානිකරගන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කළේ.
මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (07) සිදුකිරීමට නියමිතයි.